Friday, March 25, 2016

අන්තර්ජාල්යෙන් කට්ටිය ගැන් හොයන්න අපි නොදන්න සාර්තක විදි

පුද්ගලයන් සෙවීම සඳහා ම වෙන් වූ search engines ඇති බව ඔබ දන්නවා ද ? Google සෙවීමට වඩා නිවැරදි ප්‍රතිඵල මෙමගින් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. Pipl(pipl.com) යනු ඔබේ සෙවීම ආරම්භ කිරීමට උචිත ස්ථානයකි. පුද්ගලයකු ගේ නම, email ලිපිනය, ලිපිනය වැනි තොරතුරු ලබා දීම මගින් මෙම කාර්යය සිදු කළ හැකි ය. සමාජ ජාලවල ඇති ප්‍රොෆයිල, ප්‍රවෘත්ති, වාර්තා, බ්ලොග් අඩවි, ප්‍රකාශන වැනි සියල්ල පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කෙරේ. මේ සමග ඔබ සොයන නමට අදාළ ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
Img
Wink (wink.com) යනු ද මෙබඳු තවත් අඩවියකි. පුද්ගලයකු ගේ මුල් නම, වාසගම හෝ user name එක මගින් මෙහි දී සෙවීම සිදු කළ හැකි ය. අදාළ ප්‍රදේශය සටහන් කිරීමෙන් එයට අයත් ප්‍රතිඵල පමණක් ලබා ගත හැකි වේ. email ලිපිනය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම ද මෙයින් සිදු කළ හැකි අතර, දුරකථන අංකය මගින් යමකු සොයා ගත හැක්කේ එංගලන්තය හා කැනඩාව යන රටවල පමණි.
123people ඔස්සේ ද ඔබට යමකු සොයා ගත හැකි අතර, නම ඇතුළත් කිරීම මගින් ඔහු සම්බන්ධ ව සිටින සමාජ ජාල, ඡායාරූප,ලිපිගොනු වැනි සියලු තොරතුරු ලබා ගත හැකි ය.
Img
යම් පුද්ගලයකු සොයා ගැනීමට Online Directories භාවිත කිරීමේ හැකියාව ද ඔබට පවතී. The Phone Book යනු එංගලන්තය තුළ වෙසෙන පුද්ගලයන්, දුරකථන අංක ඔස්සේ සොයා ගැනීමට භාවිත කළ හැකි ක්‍රමයකි. 192.com යනු ද ගෙවීමක් කොට මෙම පහසුකම ලබා ගත යුතු අඩවියකි. අප රටෙහි පුද්ගලයන් වෙනුවෙන් භාවිතයට ගත හැකි මේ ආකාරයේ වෙබ් අඩවි සොයා ගැනීම අපහසු වන නමුත්, මෑතක දී අන්තර්ජාලයට එක් කරන ලද ටෙලිකොම් දුරකථන නාමාවලිය කදිම නිදර්ශනයකි.
Img
නොමිලේ ලබා දෙන පහසුකම් යටතේ යම් පුද්ගලයකු සොයා ගැනීමට අසමත් වී නම්, මී ළඟට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ පුද්ගලයන් සොයා ගැනීමේ සේවාවක් වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම යි. Peopletracer යනු, මිලියන 275කට වැඩි වාර්තා සංඛ්‍යාවක් ඔස්සේ ඔබට තොරතුරු ලබා දෙන වෙබ් අඩවියකි. Google maps, උපන්දින, දුරකථන අංක වැනි සියලු තොරතුරු ඔස්සේ මෙම සෙවීම් සිදු වේ. FinderMonkey, Salvation Army වැනි සේවා ද මෙයට සමාන වන නමුත්, මේ සියල්ල එංගලන්තයේ පුද්ගලයන් සඳහා සීමා වන බව මතක තබා ගත යුතු ය.
Img
ඔබට යම් වෙබ් අඩවියක හිමිකරු සොයා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉවහල් කර ගත හැක්කේ who.is හෝ whois.net යන වෙබ් අඩවි ය. අදාළ අඩවියෙහි domain name එක යටතේ මෙම සෙවීම සිදු කළ හැකි ය. අදාළ පුද්ගලයා තොරතුරු සුරක්ෂිත කොට නොමැති නම්, ඔහු ගේ නම, ලිපිනය, email ලිපිනය වැනි තොරතුරු ඔබට ලබා ගත හැකි ය. Companies House Web Check මගින්, එංගලන්තය තුළ පවතින ව්‍යාපාර පිළිබඳ තොරතුරු ද මේ අයුරින් ම ලබා ගත හැකි වේ. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින, වසා දමන ලද, මෑතක දී වසා දමන ලද ආදී වශයෙන් විවිධ අවස්ථා යටතේ පවතින ව්‍යාපාර පිළිබඳ ව මෙහි දී ඔබට සොයා බැලිය හැකි වේ
Img
ඔබ සොයන පුද්ගලයා ඇමරිකාව, එංගලන්තය වැනි රටක වාසය කරන්නෙක් නම්, amazon wish lists භාවිතයෙන් ද ඔහු පිළිබඳ ව සොයා ගැනීමට උත්සාහ කළ හැකි ය. බොහෝ දෙනා මෙම වෙබ් අඩවියෙන් භාණ්ඩ මිල දී ගැනීමට හුරු වී සිටීම මෙයට හේතුව යි.
එක් එක් රටවල වෙසෙන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ඒ ඒ රටවලට ආවේණික ක්‍රියාමාර්ග ඔස්සේ සොයා බැලීම ද කළ හැකි වේ. නිදසුන් වශයෙන් ගත් කල, ඇමරිකාවේ සිටින පුද්ගලයකු සොයා ගැනීමට Zabasearch, Anywho වැනි වෙබ් අඩවි භාවිත කළ හැකි අතර, ලොව පුරා එක් එක් රටවල වෙසෙන්නන් සොයා ගැනීමට Infobel අඩවිය යොදාගෙන උත්සාහ කළ හැකි වේ.
Img
සමස්තයක් වශයෙන් ගත් කල පැන නගින ගැටලුව වන්නේ මෙබඳු බොහෝ ක්‍රමවේද එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට සීමා වීම යි. එබැවින් අප රටෙහි වෙසෙන්නකු සොයා ගැනීම සඳහා Google සෙවුම් යන්ත්‍රය භාවිතය, සමාජ ජාල පිරික්සීම වැනි ක්‍රමවේද කිහිපයකට සීමා වන්නට සිදු වේ.

No comments:

Post a Comment

Follow me