Friday, March 25, 2016

ඔබේ ප්‍රින්ටරයේ ink cartridge වැඩි කලක් භාවිතා කරමු


විවිධ තාක්ෂනික උපාංග වල මිල දෙනෙන් දින පහළ බසිද්දී Printer ink cartridges වල මිල අඩුවී නොමැත මේවා තවමත් ඉහළ මිළ ගණන් වල පවතී. මේවා Refil කිරීම හා පිටතින් සවිකරන CIS උපකරන සවි කිරීම බෙහෝ දෙනෙකුගේ ප්‍රධානම පිරිවැය අඩුකරගැනීමේ පිළිවෙත වුවද තවත් කුඩා පියවර මගින් ඔබේ Ink cartridges වැඩි කාලයක් භාවිතා කළ හැකි වනු ඇත. මෙහි අප දක්වා ඇත්තේ තීන්ත ඉතිරි කර ගැනීමේදී ඔබ විසින් කල යුතු හා නොකල යුතු දේවල්ය.

නොකළ යුතු
පමණට වඩා වැඩියෙන් cartridge refill කිරීම හෙවත් cartridge නැවත පිරවීම ඵලදීයී නොවේ. වෙළඳපළෙහි අඩු මිළට මිළදී ගත හැකි Ink Refill Kit මගින් Cartrtdge නැවත පිරවීම මගින් තරමක මුදලක් ඉතිරි කරගත හැකි වුවද දිගින් දිගටම නැවත පුරවා භාවිතා කරන විට එහි මුදුන හිස ගෙවී යාම නිසා මුදුන ප්‍රමිතිය ක්‍රමක්‍රමයෙන් අඩාල වී යයි.
කළ යුතු-
ඔබේ Cartridge වල තීන්ත ප්‍රමාණය හෙවත් Ink Level පිළිබඳව අවධානයෙන් සිටීමද කළ යුතු දෙයකි. මේ සඳහා ඔබට Printer එක සමග ලැබෙන මෘදුකාංගය භාවිතා කළ හැකි අතර අවශ්‍ය නම් Control Panel හි Devices and Printers හි ඔබේ ප්‍රින්ටරය right click කර ''status'' විධානය මගින්ද මෙම විස්තරය ලබා ගත හැකිය. මෙම විස්තරය 100% ක් නිවැරදි නොවූවද මුද්‍රනය‍ වන විට අනවශ්‍ය ඉරි හා තිත් මුද්‍රණය වේ නම්, ඔබේ Cartridge මාරැ කිරීමට ආසන්න බව වටහා ගත යුතුය.
නෙකළ යුතු
විශාල ඝනකම් හා Bold font වලින් ලේඛන සකසා මුද්‍රණය කිරීමේදී වැඩි පුර තීන්ත වැයවේ. Verdang, Arial හා Thoma වැනි font වලට වඩා Caliber, Times New Roman හා Century Gothic වැනි font සඳහා තීන්ත වැය වන් නේ අඩු වශයෙනි තවද font වල bold, Italic, Underline සහිතව විශාල අතුරැ මුද්‍රණය කිරීමද බොහෝ තීන්ත අපතේ යන ක්‍රමවේදයකි.
කළ යුතු
වෙබ් පිටු Print කිරීමේදී හදිසියෙන් Browser එක තුළම සිට Print කිරීම මගින් අත්‍යවශ්‍ය Ads design හා Photos ද සමග වෙබ් පිටුව මුද්‍රණය වීම යන සුළු කාලයකින්ම ඔබේ Cartidge අවසාන කරවන මගකි. මෙයට ඔබට www.printfriendly.com සේවාව භාවිතා කළ හැකි අතර එහි ඔබට Print කිරීමට අවශ්‍ය වෙබ් පිටුවේ Url එක Past කර Print Preview විධානය ලබාදීමෙන් ඔබේ වෙබ් පිටුවේ අතවශ්‍ය කොටස් ඉවත් කරන ලද පිටපතක් ඔබට ලැබෙනු ඇත. ඔබට අවශ්‍ය නම් එය Print කිරීමට හෝ PDF එකක් ලෙස Save කිරීමටද හැකිය.
Image
කළ යුතු
Print settings හරහා ඔබේ Cartridge ink ආරක්ෂා කරගැනීමට බොහෝ දේ කළ හැකිය. ඒවා බොහෝමයක Ink Saving /Economy mode වැනි Settings යටතේ Ink පිරිවැස්ම ඉහළ දැමීම විධාන ඇත. මීට අවතරව Green Colud නම් Free මෘදුකාංගය (bit.ly/green339) මගින් ද ඔබට විශාල ලෙස තීන්ත පිරිවැසීමට හැකිය. මෙය ඔබේ පරිගනකයට Virtual Printer එකක් ලෙස Install වන අතර මෙමගින් PDF පිටු කීපයක් එකම කඩදාසියකට ගැනීමට තද කළු අකුරැ වන දෝශ නොපෙනෙන ලෙස ලා අළු පැහැයකට හැරවීමට හා ක්‍රමානුකූලව කඩදාසියේ දෙපැත්තට Print කළ හැකි Duplex පහසුකමද අනතර්ගත කර ඇත. මෙය ඔබේ පරිගණකයට Printer එකක් ලෙස එක් වන බැවින් ඔබේ සාමාන්‍ය Printer විධානය ලබා දී මෙය තෝරා ගත හැකිය.
හැකිනම් මෙය කරන්න
ඔබේ ප්‍රින්ටරය නිපදවන ලද සමාගම විසින්ම නිපදවූ Cartidge මිළට ගැනීම බොහෝ විට ඉතා අධික මිළක් වැය කරන කාර්යයකි. නමුත් වෙළඳපළෙහි බෙහෝ විට එකී ප්‍රින්ටර වලට ගැ‍ළපෙන වෙනත් Cartridge ලබා ගත හැකිය. වර්තමාන ශ්‍රී ලංකා වෙළඳපළ තුළ මේවා තරමක් විරළ වුවද www.cartridgepeople.com වැනි වෙබ් අඩවි හරහා ඔබට ඔබේ ප්‍රින්ටරයට ගැළපෙන අඩු මිළ Ink Cartridge මිළට ගත හැකිය. මෙයින් සමහර Cartridge මගින් පවුම් 30,40 ක් වැනි අගයන් අඩුවෙන් Cartridge මිළට ගැනීමටද හැකිය. කෙසේ වුවද මෙවන් මිළදී ගැනීමකට ඔබ සතුව Online මිළට ගැනීමේ හැකියාව තිබිය යුතුය.                                                      

1 comment:

Follow me