Monday, March 14, 2016

PC-එකේ වැඩි කරගන්න මෙන්න තවත් ක්‍රමයක් .

මේ පාර මම අරගෙන ආවෙ ඔයාගෙ පරිගණකයේ වේගය වැඩිකරගන්න පොඩි රහස් දෙයක් ගැන .

" ස්ථාපිත මතකය හා භාවිතා කලහැකි මතකය අතර පැහැදිලි වෙනසක් දක්නට ඇත.ස්ථාපිත මතකය යන්නේ අදහස් කරන්නේ ඔබගේ පරිගණකය මත ස්ථාපිත භෞතික මතකය වන අතර භාවිතා කලහැකි මතකය යනු
වින්ඩෝස් සදහා භාවිතා කලහැකි මතකයයි. (එසේම ස්ථාපිත මතකය අනෙකුත් දෘඩාංග සමග බෙදාගැනීමෙන් පසුව ඉතිරි වන මතකය ලෙසද හැදින්විය හැක) සමහර අවස්ථා වලදි ඔබ අත්දැක ඇති පරිගණකය මන්දගාමි වීම නිසා එය පරික්ෂා කිරිමේදි වින්ඩෝස් සදහා ස්ථාපිත මතකයට වඩා අඩු ප්‍රමාණයක රැම් මතකයක්පමණක් හිමිවී ඇති බව. අපි අද මේ පිලිබදව සොයා බලා ඒ සදහා ගතහැකි ක්‍රියාමාර්ගය පිලිබඳ බලමු."

මෙම ගැටළුව බොහෝ වින්ඩෝස් පරිශිලකයන් අතර දක්නට ලැබෙන අතර මෙය පහසුවෙන්ම විසඳාලිය
හැකිය.එසේම එය පරිගණකයෙන් පරිගණකයට වෙනස්වන අතර එය විසදීම සදහා ක්‍රම කිහිපයක්ද දක්නට ඇත.
පහත ලැයිස්තුවෙන් ඒ සදහා හේතු සහ පිලියම් දක්වා ඇත.

                     ....................වින්ඩෝස්හි භාවිතා කලහැකි උපරිම මතක ප්‍රමාණය වැඩි කරමු..........

• පියවර 1 : වින්ඩෝස් සෙවුම්හි Msconfig යන්න සටහන් කර enter කරන්න. [image 1]
• පියවර 2 : Boot තිරුව තෝරාගෙන Advanced Options යන්න ක්ලික් කරන්න. [image 2]
• පියවර 3 : Maximum Memory යන්න තෝරා ගැනීමෙන් පසු OK යන්න ක්ලික් කරන්න [image 3]

ඒ සමගින් එය සම්පුර්ණ වන අතර ඔබගේ පරිගණකය නැවත ක්‍රියාත්මක කිරිමෙන් පසුව ඔබගේ
පරිගණකයේ වින්ඩෝස් සදහා ඇති උපරිම මතක ප්‍රමාණය පරික්ෂා කර බලන්න.

                                                                                post by:-gayashan kavinda

No comments:

Post a Comment

Follow me