Monday, March 14, 2016

සමහරුන්ගෙන් වයස අහනවා කියන්නේ එතරම් පිළිතුරැ දීමට අකමැති ප්‍රශණක් වගේ . දෑන් ඒ ආකාරයෙන්
කෙනෙකුගේ වයස දැන ගැනිමට වුවමනා වන්නේ නැහැ.මක් නිසාදයත් මයික්‍රොසොෆ්ට් මගින් හදුන්වා දුන්
වෙබ් අඩවියක් මගින් එය පහසුවෙන්ම සිදු කරගන්න හැකියාවක් ඔබට දැන් තිබෙනවා.එය සිදු කරගන්නා ආකාරය
 ගැන කියන්නයි අද මම මේ සුදානම.

මෙම වෙබ් අඩවිය මුලිකව හදුන්වා දෙන ලද්දේ මයික්‍රොසොෆ්ට්හි මුහුණ හදුනාගැනීමේ API එකක් සදහා
වන අතර පසුකාලීනව එය අන්තර්ජාලය තුල වඩාත් ජනප්‍රිය වන්නට විය.මෙම වෙබ් අඩවිය How-old.net
 වන අතර එමගින් කෙනෙකුගේ වයස සහ ස්ත්‍රි පුරුෂ භාවය ඡායාරූපයක් මගින් නිගමනය කිරිමට සමත් වනවා.
මෙහිදි ලබා දෙන නිගමනයන් පිලිබද සදහන් කලහොත් එය බොහෝ දුරට සාර්ථකව ස්ත්‍රි පුරුෂ භාවය නිගමනය
කරන අතර වයස ගැන ඉදිරිපත් කරන තක්සේරුව වඩාත් ආසන්න තත්වයක පවතියි.

 මෙහිදි සදහන් කලයුතු වැදගත්ම දෙය නම් ඔබට මෙම වෙබ් අඩවියට ඔබේ ඡායාරූපයක් උඩුගත හෙවත් අප්ලෝඩ්
කිරිමට සිදු වෙනවා. එහි ඇති නියම හා කොන්දේසි පිලිබදව සමහරෙක් නොතකන අතර එය කියවා බැලිම ඉතා
වැදගත් වනවා.එහි සදහන් නියම හා කොන්දේසි වලින් කොටසක් මෙහි දක්වා තිබේ.

මෙහිදි ඔබ මෙම වෙබ් අඩවියට ඡායාරූපය ඇතුලත් කිරිමෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයට හා ඒහා අදාල ආයතන
වලට ඔබ ඡායාරූපය අන්තර්ජාල ව්‍යපාර ක්‍රියාකාරකම් සදහා භාවිතා වන බවටත් එය වෙනස් කිරිම හෝ ඔබගේ
නම ප්‍රදර්ශනයට කිරිමටත් ඔබ අවසර ලබාදෙන බව ප්‍රකාශ වෙයි.මේ නිසා එය හොදින් කියවා බලා එයට එකඟවිම
 වටි.
ඉතින්දැන් කට්ටිය විනෝද වෙන්න..
                                                                                          ..............ගයාශාන් කාවින්ද ..........

No comments:

Post a Comment

Follow me